Watch : කඩුලු පිට කඩුලු දවා ගත් තීක්ෂණගේ සුපිරි පන්දුවාරය මෙන්න

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(4) යළිත් පන්දුවෙන් සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 49 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින්.

මහිපාල් ලොම්රෝර් ලකුණු 42ක් හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 38ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ පන්දුවාර 4 තුළ දී ලකුණු 27ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ඔහු සිය කඩුලු 3ම දවා ගත්තේ සිය අවසන් පන්දුවාරයේ දී යි.

තීක්ෂණගේ පන්දු හමුවේ දැවී ගියේ මහිපාල් ලොම්රෝර්, වනිදු හසරංග(0) හා ශහ්බාස් අහ්මඩ්(1) යන පිතිකරුවන්.

කඩුලු තුනේ දර්ශන පහතින් –

https://twitter.com/cric12222/status/1521879531455676416

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...