කොදෙව් කණ්ඩායමේ නව නායකයා හා උප නායකයා නිවේදනය කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා 20යි 20 නායකයා ලෙස නිකලස් පූරාන් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කයිරන් පොලාඩ් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය හේතුවෙන්.

පොලාඩ් නායකයා ලෙස කටයුතු කරන අතරතුර පසුගිය වසරක පමණ කාලයේ දී කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ නිකලස් පූරාන්.

කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ එළඹෙන අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මෙන්ම 2023 වසරේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද කොදෙව් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පූරාන්ට පැවරෙන බවයි.

එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කිරීමට නිර්දේශ කර ඇත්තේ ෂේයි හෝප්.

පොලාඩ් ක්‍රීඩා නොකරන අවස්ථාවලදී මීට පෙර ද කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස නිකලස් පූරාන් කටයුතු කළා.

පූරාන්ගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම 2021 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව 20යි 20 තරගාවලි ජයක් ද වාර්තා කිරීමට සමත් වුණා.

නෙදර්ලන්තය සමග මැයි 31 වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් එක්දින තරගාවලිය පූරාන්ගේ නිත්‍ය නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම මුහුණ දෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය බවට පත් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...