Watch : සැවොම සිනහවට ලක් කරමින් ක්‍රිෂ්නා කඩුල්ලට එල්ල කළ පන්දුවට සිදු වූ දේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 47 වැනි තරගය අද(2) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 152ක්.

නායක සංජු සැම්සන් ලකුණු 54ක් රැස් කළා.

කොල්කටා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී වූ අපූර්ව සිදු වීමක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ට්‍රෙන්ට් බෝල්ට් යොමු කළ කොල්කටා ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී යි මෙය සිදු වුණේ.

එම පන්දුවාරයේ පළමු පන්දුවට පහර දුන් Baba Indrajith එක් ලකුණක් කරා වේගයෙන් පැති මාරු කර ගැනීමට උත්හාස කළා.

එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ප්‍රසිද් ක්‍රිෂ්නා පන්දුව රැකගෙන වේගයෙන් කඩුල්ල වෙත යොමු කිරීමට උත්සාහ කළා.

කෙසේ වෙතත්, සියලු ප්‍රේක්ෂකයින් සිනහවට ලක් කරමින් ඔහු යොමු කළ පන්දුව කෙළින්ම වැදුණේ තණතීරුව මැද රැදී සිටි පන්දු යැවූ ට්‍රෙන්ට් බෝල්ට්ගේ පාදයේයි.

දර්ශන පහතින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...