මට මුරලිගෙ පන්දු තේරුම් ගන්නම බැරි වුණා, ඊට පස්සේ මම සචින්ට කතා කරා : යුවරාජ් සිං

Date:

යුවරාජ් සිං යනු ඉන්දියාවෙන් බිහි වූ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව නොරහසක්.

2007 වසරේ දී පන්දුවාර 20යි 20 ලෝක කුසලානය දිනා ගැනීම සදහාත්, 2011 වසරේ දී එක්දින ලෝක කුසලානය ජය ගැනීම සදහාත්, ඉන්දීය කණ්ඩායමට ඔහුගෙන් ලැබුණු දායකත්වය සුලුපටු නොවේ.

2011 ලෝක කුසලාන තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් ද පිදුම් ලැබුවේ යුවරාජ් සිං.

දග පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථකව පිතිකරණයේ නිරත වන ක්‍රීඩකයෙකු ලෙස ද ඔහු සැලෙකනවා.

කෙසේ වෙතත්, ඔහු මේ වන විට අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට එරෙහිව පන්දුවට පහර දීම තමාට දැඩි දුෂ්කර කටයුත්තක් වූ බවයි.

“මගේ කුඩා කාලයේ සිට මගේ පියා මාව සූදානම් කළේ වේගවත් තණතීරුවල ක්‍රීඩා කරන්නයි. එයා පන්දු යවන්න පුරුදු වෙලා හිටියේ තෙත ටෙනිස් පන්දුවෙන්, තෙත ලෙදර් පන්දුවෙන් යාර 17ක තණතීරුවක.” යනුවෙන් යුවරාජ් සදහන් කළා.

“ආරම්භයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව හා දකුණු අප්‍රිකාවට එරෙහිව මම ක්‍රීඩා කළ ඉනිම් මට ලොකු විශ්වාසයක් ගෙන ආවා. ඊළගට මම ගියා ශ්‍රී ලංකාවට හා සාජාවලට. එහිදි හිටියා මුරලිදරන්. මම හොද ක්‍රීඩකයෙක් දග පන්දු යවන්නන්ට එරෙහිව. ඒත් ලෝක මට්ටමේ සුපිරි දග පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම වෙනස්. ක්‍රීඩාව ගැන ඉගෙන ගනිමින් ඉන්න තරුණයෙක් විදිහට මට ඔහුගේ පන්දු තේරුම් ගන්නම බැරි වුණා.”

කෙසේ වෙතත්, අනතුරුව මුරලිදරන්ට එරෙහිව ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබද තමා උපදෙස් ලබා ගත්තේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ගෙන් බවයි යුවරාජ් සිං පවසා සිටියේ.

“මම සචින්ට කතා කරලා ඇහුවා මේ අයට එරෙහිව ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා, කොහොමද ක්‍රීඩා කරන්නේ දග පන්දු යවන්නන්ට එරෙහිව කියලා? ඔහු මට කීවා ස්වීප් පහරවල් එල්ල කරන්න ඉගෙන ගන්න කියලා. මුලදි මම අවස්ථා රැසකදීම දැවී ගියා ඒ විදිහ පහරවල් ගහන්න ගිහිං. නමුත් පස්සේ මම දග පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රබලව පහර දෙන ක්‍රීඩකයෙකු බවට පත් වුණා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...