රාටුරාජ් – කොන්වේ වාර්තාගත සබදතාවය හා චෞද්‍රිගේ සුපිරි පන්දු යැවීම CSK පිලට ජය ගෙනෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වැනි තරගයෙන් ලකුණු 13ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.

පූනේ හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

රවීන්ද්‍ර ජඩේජා චෙන්නායි කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වී මහේන්ද්‍ර සිං දෝනි යළි නායකත්වයට පත් වීමෙන් පසුව සුපර් කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය මෙයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් වුණා.

පළමු කඩුල්ල සදහා රුටුුරාජ් ගයික්වඩ් හා ඩෙවෝන් කොන්වේ පන්දුවාර 17.5ක් තුළ ගොඩ නැගූ සබදතාවය ලකුණු 182ක්.

එය චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් සදහා අයි.පී.එල් ඉතිහාසයේ දී වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවයයි.

ගයික්වඩ් පන්දු 57කින් හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් සමගින් ලකුණු 99ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේ ටී නටරාජන්ගේ පන්දුවක් හමුවේ බුවනේෂ්වර් කුමාර් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි දෝනි ලකුණු 8කට දැවී ගියා. ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 85යි. පන්දු 55කින් වාර්තා වූ එම ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ටී නටරාජන් ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ අභිෂේක් ෂර්මා ලකුණු 39ක් හා කේන් විලියම්සන් ලකුණු 47ක් ලබා ගත්තා.

නිකලස් පූරාන් පන්දු 33කින් වේගවත් ලකුණු 64ක් වාර්තා කළේ හයේ පහර 6ක් හා හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී මුකේෂ් චෞද්‍රි ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තා. මිචෙල් සැන්ට්නර් හා ඩ්වේයන් ප්‍රෙටෝරියස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මහීෂ් තීක්ෂණ පන්දුවාර 4 තුළ දී කඩුලු දවා නොගත්ත ද ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 27ක් පමණයි.

මේ වන විට සන්රයිසස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේත්, චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

මේ අතර, සන්රයිසස් කණ්ඩායමේ උම්රාන් මලික් මෙම තරගයේ දී පැයට කිලෝ මීටර් 154ක වේගයෙන් පන්දුවක් යොමු කිරීමට සමත් වීම කැපී පෙනුණා.

එය මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයෙකු යොමු කළ වේගවත්ම පන්දුවයි.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...