Watch : වනිදුගෙන් තවත් සුපිරි පන්දු යැවීමක් ; (28/2)

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී යළිත් සුවිශේෂී පන්දු යැවීමක නිරත වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(30) සමත් වුණා.

ඒ, අද පස්වරුවේ මුම්බායි හි Brabourne ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙවර තරගාවලියේ 43 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තා.

ගුජරාට් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 28කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ව්රිධිමන් සහා හා Sai Sudharsan යන පිතිකරුවන්.

ව්රිධිමන් සහා ලකුණු 29කටත්, Sudharsan ලකුණු 20කටත් දැවී ගියා.

වනිදු මේ වන විට මෙවර තරගාවලියේ දී බිද හෙලා ඇති කඩුලු ගණන 15ක්.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභින් අතර ඔහු සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

https://twitter.com/cric12222/status/1520402527099002880

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...