Watch : තරගයේ තීරණාත්මකම කඩුල්ල වූ බෙයාර්ස්ටව්ගේ කඩුල්ල දුෂ්මන්තට ගොදුරු වූ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී යළිත් සුවිශේෂී පන්දු යැවීමේ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද(29) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 42 වැනි තරගයේ දී යි.

පූනේ හි පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා.

පංජාබ් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ලක්නව් පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් තීරණාත්මක කඩුලු 2ක් දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නායක මයාන්ක් අගාර්වල් හා ජොනී බෙයාර්ස්ටව්.

අගාර්වල් ලකුණු 25කටත්, බෙයාර්ස්ටව් ලකුණු 32කටත් දැවී ගියා.

චමීර සිය පන්දුවාර 4 තුළ දී කඩුලු 2ක් බිද හෙලුවේ ප්‍රතිවාදීන්ට ලකුණු 17ක් පමණක් ලබා දෙමින්.

ඔහු දවා ගත් කඩුලු දෙක පහතින් නරඹන්න –

https://twitter.com/cric12222/status/1520080605760819203

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...