ශ්‍රී ලංකා ක්‍රීඩකයින් IPL ගිය හේතුව භානුක පහදයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට අවස්ථාව හිමි වූයේ නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී හා සිය රටේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා හේතුවෙන් බව පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ(25) පැවැති තරගයෙන් ලකුණු 11ක ජයක් හිමි කර ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් භානුක ඒ බව කියා සිටියා.

පසුගිය වසර කිහිපය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් සුබදායී කාලයක් නොවුණ බව භානුක මෙහිදී සිහිපත් කළා.

එය එසේ වුවද, විශේෂයෙන්ම නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා හේතුවෙන් අයි.පී.එල් කණ්ඩායම්වල අවධානය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙත යොමු වූ බව භානුක රාජපක්ෂගේ අදහසයි.

“අපි හැමෝටම මෙහෙ ඇවිල්ලා හොදම ක්‍රීඩකයින් සමග ක්‍රීඩා කරන්න ලැබීම හොද අවස්ථාවක්. එකිනෙකා දැන හදුනා ගන්න ලැබෙනවා.” යනුවෙන් ඔහු මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

“අපිට මෙතනින් ලැබෙන නිරාවරණය අතිවිශාලයි. ඉතිං තෝරා ගත් සියලු ක්‍රීඩකයින් ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මම හිතනවා ශ්‍රී ලංකාවේ තවත් දක්ෂ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා කියලා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...