ශ්‍රී ලංකා නැගී එන ක්‍රිඩකයින් බ්‍රිතාන්‍යයේ තරග සංචාරයක

Date:

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එළඹෙන මැයි මාසයේ දී බ්‍රිතාන්‍යයේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(26) නිවේදනය කළා.

එම සංචාරයේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිව්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මැයි පළමු වැනිදා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එරටට ළගා වීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මෙම තරග සංචාරය සිව්දින තරගාවලියෙන් ආරම්භ වන අතර, 20යි 20 තරග 3 ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නැගී එන ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම සංචාරයේ අරමුණයි.

සංචාරයට එක්වන ශ්‍රී ලංකා නැගී එන සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

අදාළ සංචාරයේ පළමු සිව්දින තරගය ලබන 6 වැනිදා සිට කෙන්ට් හී දී ද, දෙවැනි සිව්දින තරගය ලබන 13 වැනිදා සිට හැම්ප්ෂයර් හී දී ද, තෙවැනි සිව්දින තරගය ලබන 20 වැනිදා සිට සරේ හී දී ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

20යි 20 තරග තුන මැයි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන්නේ සරේ, සමර්සෙට් හා ග්ලොස්ටර්ෂයර් (Gloucestershire) හී දී යි.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...