ප්‍රබල බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානම දග පන්දු යවන්නා වන මෙහිදි හසාන්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ ඇගිල්ලකට හට ගෙන ඇති ආබාධයක් හේතුවෙන්.

ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහු මෙම ආබාධයට ලක්ව ඇති බව සදහන්.

මෙම ආබාධය නිසා මෙහිදි හසාන්ට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

මෙහිදි වෙනුවට නයීම් හසාන් ටෙස්ට් සංචිතයට කැදවීමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් අදාළ ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 8 වැනිදා එරටට ළගා වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...