භානුක – ධවාන් සබදතාවය පංජාබ් පිලට ජය ගෙනෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගයෙන් ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සදුදා(25) රාත්‍රියේ දී සමත් වුණා.

ඔවුන් හමුවේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් පංජාබ් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 187ක් ලබා නියමිත පන්දුවාර 20 අවසන් කළා.

නායක මයාන්ක් අගාර්වල් ලකුණු 18(21)කට දැවී ගියා. ඒ, මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවක් හමුවේ ශිවම් දූබේ අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පන්දු 71කින් ලකුණු 110ක සබදතාවයක් පිහිටුවීමට භානුක රාජපක්ෂ හා ශිකර් ධවාන් සමත් වුණා.

භානුක පන්දු 32කින් ලකුණු 42ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 2 බැගින් එල්ල කරමින්.

ධවාන් නොදැවී ලකුණු 88යි. මෙය ඔහුගේ 200 වැනි අයි.පී.එල් තරගය වන අතර, පන්දු 59කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 9කින් වර්ණවත් වුණා.

ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 7කින් වේගවත් ලකුණු 19ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් සමගින්. ජොනී බෙයාර්ස්ටව් ඉනිමේ අවසන් පන්දුවේ දී ලකුණු 6(3)කට දුවද්දී දැවී ගියා.

පන්දු යැවීමේ දී ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 42ක කඩුලු 2ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 32කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.

අම්බටි රයිදු පන්දු 39ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 78ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 6ක් හා හතරේ පහර 7ක් සමගින්.

රුටුරාජ් ගයික්වඩ් ලකුණු 30කට දැවී ගියා. රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 21යි. එම්.එස් දෝනි තරගයේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 12කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා හා රිෂී ධවාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...