“ස්තූතියි” ; ප්‍රවීන ක්‍රිකට් විචාරක බෝග්ලේගේ ප්‍රකාශයට චමීරගෙන් ප්‍රතිචාර

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 37ක් මේ වන විට පවත්වා අවසන්ව තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයින්ගේ මෙන්ම විදෙස් ක්‍රීඩකයින්ගේද දක්ෂතා රැසක් මේ වන විටත් මෙවර තරගාවලියේ දී දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වී අවසන්.

ශ්‍රී ලංකාවෙන් ද මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 6 දෙනෙකු එක්ව සිටිනවා.(මතීෂ පතිරණ ද සමග)

එම ක්‍රීඩකයින් අතර වනිදු හසරංගගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවැති අතර, මහීෂ් තීක්ෂණ ද විශිෂ්ඨ දක්ෂතා දැක් වීමට සමත් වුණා.

භානුක රාජපක්ෂ ද ඔහු ක්‍රීඩා කළ පළමු තරග කිහිපයේ දී සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුවත්, අවාසනාවන්ත ලෙස ඔහුට පංජාබ් කණ්ඩායමේ ස්ථානය අහිමි වීම කනගාටුවට කරුණක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් මෙවර තරගාවලියේ දී සුවිශේෂී දක්ෂතා දැක් වූ තවත් ක්‍රීඩකයෙකු ලෙස දුෂ්මන්ත චමීර හැදින්විය හැකියි.

ඇතැම් විට යම් ප්‍රහාරයකට ලක්වුවද , ඔහු මෙවර තරගාවලියේ දී පන්දු යැවීමෙන් සාර්ථකත්වයක් පෙන්වීමට සමත් වූ බව දක්නට ලැබෙනවා.

ඊයේ(24) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ද දුෂ්මන්ත චමීර සුවිශේෂී පන්දු යැවීමක නිරත වුණේ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 14ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඔහුගේ මෙම දක්ෂතා පිළිබද ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෙකු වන ඉන්දියාවේ Harsha Bhogle අදහස් දක්වා තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඔහු එහිදී සදහන් කළේ දුෂ්මන්ත චමීර මේ වන විට ලොව දක්ෂතම පන්දුවාර 20යි 20 ක්‍රීඩකයින් අතර රැදී සිටින බවයි.

මෙම ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දැක්වීමට ද දුෂ්මන්ත චමීර කටයුතු කර තිබෙනවා.

“මා සහ මගේ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙත ඔබ දක්වන අඛණ්ඩ සහයෝගයට ස්තූතියි” යනුවෙන් චමීර සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...