දුෂ්මන්තගෙන් සුපිරි පන්දු යැවීමක් ; රාහුල්ගේ ශතකය හමුවේ මුම්බායි 8 වැනි තරගයත් පරදියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තමන් ක්‍රීඩා කළ 8 වැනි තරගයෙන් ද පරාජයට පත් වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද(24) සිදු වුණා.

ඒ, තරගාවලියේ 37 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හමුවේ ලකුණු 36කින් පරාජයට පත් වීම හේතුවෙන්.

මෙම තරගයේ දී කඩුලු දවා ගැනීමට නොහැකි වුවත්, විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට ලක්නව් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා.

මෙවර තරග වාරයේ දී වාර්තා කළ සිය දෙවැනි ශතකය රැස් කළ නායක කේ.එල් රාහුල් පන්දු 62කින් ලකුණු 103ක් නොදැවී රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 12ක් ඇතුළත්. ඔහු මෙවර තරග වාරයේ දී සිය පළමු ශතකය ද වාර්තා කළේ මුම්බායි කණ්ඩායමට එරෙහිව වීම විශේෂත්වයක්.

මනීෂ් පාන්ඩේ ලකුණු 22ක් ද, අයුෂ් බදෝනි ලකුණු 14ක් ද, ක්වෙන්ටන් ඩී කොක් හා දීපක් හූදා ලකුණු 10 බැගින් ද වාර්තා කළා.

පන්දු යැවීමේ දී කයිරන් පොලාඩ් හා Riley Meredith කඩුලු 2 බැගින් බිද හෙලුවා. ඩැනියල් සෑම්ස් හා ජස්ප්‍රිට් බුම්රා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

යළිත් අසාර්ථක වූ ඉෂාන් කිෂන් ලකුණු 8කටත්, ඩිවෝල්ඩ් බ්‍රේවිස් ලකුණු 3කටත්, සූර්යකුමාර් යාදව් ලකුණු 7කටත් දැවී ගියා.

නායක රෝහිට් ෂර්මා ලකුණු 39යි. තිලක් වර්මා ලකුණු 38ක් ද, කයිරන් පොලාඩ් ලකුණු 19ක් ලබා ගත් අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සිය පන්දුවාර 4 තුළ දී කඩුලු දවා නොගත්ත ද, ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 14ක් පමණයි.

කෘනාල් පාන්ඩ්යා කඩුලු 3ක් බිද හෙලුවා. රවී බිෂ්නෝයි, අයුෂ් බදෝනි, මොහ්සින් ඛාන් හා ජේසන් හෝල්ඩර් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...