Watch : හසන් අලීගේ සුපිරි යෝකර් පන්දුව කඩුල්ලේ මැද ඉන්න දෙකට කැඩූ හැටි

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ප්‍රාන්ත තරගාවලියේ දී ලැන්කෂයර් කණ්ඩායම නියෝජනය කරන ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ Gloucestershire ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Gloucestershire කණ්ඩායම සියලු දෙනා දැවී මෙම තරගයේ දී රැස් කළේ ලකුණු 252ක් පමණයි.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ හසන් අලී ලකුණු 47කට කඩුලු 6ක් දවා ගනිමින් Gloucestershire ඉනිම අඩපන කළා.

අනතුරුව ලැන්කෂයර් කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 556 ක් ලබා සිටයදී ඉනිම අත්හිටුවීමටයි කටයුතු කළේ.

තරගයේ තෙවන දිනය නිමා වන විට Gloucestershire කණ්ඩායම සිය දෙවැනි ඉනිමේ දී කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 67ක්.

එහිදී James Bracey ලකුණු 14කට දවා ගැනීමට හසන් අලී සමත් වුණා.

ඒ, ඔහු යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

විශේෂත්වය වූයේ එම අවස්ථාවේ දී පන්දුව වැදීමෙන් පසුව කඩුල්ලේ මැද ඉන්න දෙකට කැඩී යාමයි.(ඊට අදාළ වීඩියෝ දර්ශන දෙකක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...