මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග කොල්කටා හී දී සහ අහ්මදාබාද් හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අවසන් මහා තරගය ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී මැයි 29 වනදා පැවැත්වීමටයි අයි.පී.එල් තරඟාවලියේ සංවිධායකයින් තීරණය කර ඇත්තේ.
අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) සහ දෙවන තරගය (Eliminator) කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මැයි 24 වනදා සහ මැයි 25 වනදා එම තරග පැවැත්වෙනු ඇති.
අවසන් වටයේ තෙවන තරඟය (Qualifier 2) සහ අවසන් මහා තරගය මැයි 27 වනදා හා මැයි 29 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අවසන් වටයේ සියලු තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 100%ක්ම ඇතුළු කර ගැනීමටයි තීරණය කර ඇත්තේ.

