සංගාට හා මහේලට නව ක්‍රීඩා ඇමතිගෙන් ඇරයුම්

Date:

ජාතික ක්‍රීඩා කවුන්සලයේ හිටපු සාමාජිකයින්ට නව ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබෙනවා.

අද(22) දිනයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි අමාත්‍යවරයා විදෙස් ක්‍රීඩා වෙබ් අඩවියකට සඳහන් කර ඇත්තේ.

“හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත් කළ ජාතික ක්‍රීඩා කවුන්සලයේ සියලු සාමාජිකයන්ට මම සිකුරාදා උදෑසන මගේ කාර්යාලයට පැමිණෙන ලෙස ආරාධනා කළා.” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියා.

“දැන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ක්‍රීඩා අමාත්‍යවරයා නෙවෙයි. ඒ නිසා ඔහු පත් කරපු කවුන්සලය ක්‍රියාකාරිත්වයෙන් තොරයි”

“මේ පුද්ගලයන් ඉතා හොඳ දේවල් කරල තියෙනවා, ඒ නිසා මම සියලු දෙනාට ආරාධනා කළා”

“ඔව් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මේ වන විට විදෙස්ගතව ඉන්නේ. නමුත් අපි ඉල්ලීමක් කරා ඔවුන්ගෙන් zoom තාක්ෂණය ඔස්සේ මෙම හමුවට සම්බන්ධ වන ලෙස. ඊට ප්‍රතිචාර දැක්වීම ඔහුන්ට භාරයි”

මහේල ජයවර්ධන මහතා ජාතික ක්‍රීඩා කවුන්සලයේ සභාපතිවරයා ලෙසයි කටයුතු කළේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හේතුවෙන් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මේ වන විට ඉන්දියාවේ රැඳී සිටිනවා.

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කරනවා.

මේ අතර, නව ක්‍රිකට් උපදේශක කමිටුවක් පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...