Watch : කෝටි 15ක් වටිනා ඉෂාන් කිෂන්ට තරු පෙන් වූ චෞද්‍රිගේ සුපිරි යෝකර් පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(21) රාත්‍රියේ ආරම්භ වූ 33 වැනි තරගයේ පළමු පන්දුවාරයෙන්ම කඩුලු 2ක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් චෞද්‍රි සමත් වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේ දී ඔහුගේ පන්දු හමුවේ පළමු පන්දුවාරයෙන්ම එලෙස දැවී ගියේ නායක රෝහිට් ෂර්මා හා ඉෂාන් කිෂන්.

ෂර්මා ඔහු මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. ඒ, මිචෙල් සැන්ට්නර් අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව පළමු පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී ඉෂාන් කිෂන් දැවී ගියා. ඒ, චෞද්‍රි යොමු කළ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

කිෂන් දැවී ගියේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්මයි. පන්දුව ආ ගමන් මාර්ගය නිසි පරිදි අවබෝධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙනුයි ඔහුට ලකුණු නොලබා දැවී යාමට සිදු වුණේ.

ඉෂාන් කිෂන් මෙවර අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මිලට, එනම් ඉන්දීය රුපියල් කෝටි 15.25කට මුම්බායි කණ්ඩායමට අලෙවි වුව ද, මෙවර තරගාවලියේ දී එතරම් කැපී පෙනෙන දක්ෂතා දැක් වීමට ඔහුට මෙතෙක් හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...