Watch : යෝක්ෂයර් වෙනුවෙන් දිමුත්ගේ පළමු ඉනිම නැවතුන හැටි

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අද(21) යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන සිව්දින ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට වරම් දිනා ගත්තා.

නෝර්ත්හැම්ප්ටන් හී දී පැවැත්වෙන තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ නෝර්ත්හැම්ප්ටන්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ යෝක්ෂයර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි යෝක්ෂයර් පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නෝර්ත්හැම්ප්ටන්ෂයර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 22ක්ව තිබියදී බිද වැටුණා.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස අද දින සිය 34 වැනි උපන් දිනය සමරන දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 13ක් ලබා සිටියදීයි.

පන්දු 42කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත්.

දිමුත් දැවී ගියේ Gareth Berg යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක Lewis McManus අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

එහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...