පාකිස්තානය හා නෙදර්ලන්තය පළමුවරට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක

Date:

පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන නෙදර්ලන්ත තරග සංචාරයේ තරඟ කාලසටහන නිවේදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයේදී පාකිස්තානය හා නෙදර්ලන්තය අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් මෙලෙස පැවැත්වෙන්නේ පළමුවරට වීම විශේෂත්වයක්.

එක්දින තරඟ තුන අගෝස්තු 16, 18 සහ 21 යන දිනවලදී Rotterdam හී දී  පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම එක්දින තරගාවලිය අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

අදාල එක්දින තරගාවලිය මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 වසරේ ජූලි මාසයේදී යි.

නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එම තරගාවලිය කල් දැමීමට සිදුවුණා.

පාකිස්ථානය සහ නෙදර්ලන්තය මීට පෙර එක්දින පිටියේ දී අවස්ථා තුනක දී එකිනෙකා මුණ ගැසී තිබෙනවා.

1996 හා 2003 යන ලෝක කුසලාන තරගාවලිවලදී හා 2002 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඔවුන් එලෙස එකිනෙකා හා තරග වැදී ඇති අතර, එම තරග තුනේදීම ජය වාර්තා කළේ පාකිස්තානයයි.

මේ වන විට අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව පාකිස්තානය 9 වන ස්ථානයේ රැඳී සිටින්නේ තරග 12කදී තරග 6ක් ජය ගනිමින්.

ක්‍රීඩා කළ තරග 10 න් තරග දෙකක් පමණක් ජය ගනිමින් නෙදර්ලන්තය එහි අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...