ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන්නා IPL තරගාවලියට මිලදී ගනියි

Date:

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා සම්බන්ධ වීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඔහු සමග මෙවර තරග වාරයේ ඉතිරි තරග වෙනුවෙන් ගිවිසුම් ගත වීම හේතුවෙන්.

චෙන්නායි කණ්ඩායමේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් වෙනුවටයි මතීෂ පතිරණ එම කණ්ඩායම සදහා නම් කර ඇත්තේ.

චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේ දී මුහුණ දුන් පළමු තරගයේ දී (කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව) ඇඩම් මිල්න් පාදයක ආබාධයකට ලක් වුණා.

ඒ හේතුවෙන් ඔහුට මෙම තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකටයි.

19 හැවිරිදි මතීෂ පතිරණ 2020 හා 2022 වසරවල පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගාවලි සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කළා.

මේ වන විටත් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද චෙන්නායි කණ්ඩායම නියෝජනය කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...