වෝනර් හා ෂෝගේ ප්‍රහාරයත්, පන්දු යවන්නන්ගේ දක්ෂතාත් හේතුවෙන් දිල්ලිය හමුවේ පංජාබයට දරුණු පරාජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වන තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(20) සමත් වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි පංජාබ් පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 115ක් පමණයි.

ජිටේෂ් ෂර්මා ලකුණු 32ක් ද, මයාන්ක් අගාර්වල් ලකුණු 24ක් ද රැස් කළ අතර, ශාරුක් ඛාන් හා රාහුල් චහාර් ලකුණු 12 බැගින් වාර්තා කළා.

භානුක රාජපක්ෂ වෙනුවට කණ්ඩායමට නම් කළ ද මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ සියලු තරගවලදී අසාර්ථක වූ ජොනී බෙයාර්ස්ටව් අද තරගයේ දී ද ලබා ගත්තේ ලකුණු 9(8)ක් පමණයි.

පන්දු යැවීමේ ද කලීල් අහ්මඩ්, ලලිත් යාදව්, අක්සාර් පටෙල් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම පන්දුවාර 10.3ක් පමණක් වැය කරමින් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රාහුල් චහාර්ගේ පන්දුවක් හමුවේ ප්‍රිත්වි ෂෝ ලකුණු 41(20)කට දැවී ගියා. ඩේවිඩ් වෝනර් පන්දු 30කින් ලකුණු 60ක් නොදැවී ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 10ක් සමගින්.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වන විට තරග 6කින් තරග 3ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

තරග 7කින් තරග 3ක් පමණක් ජය ගත් පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

ALSO READ : දිල්ලි – රාජස්ථාන් තරගයේත් වෙනසක් ; දිල්ලි පිලේ 6 වැනි කොවිඩ් ආසාදිතයා මෙන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...