පොලාඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් සීමීත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායක කයිරන් පොලාඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු ඒ බව නිවේදනය කළා.

34 හැවිරිදි පොලාඩ් එක්දින තරග 123කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇති අතර, ඔහු ක්‍රීඩා කර ඇති 20යි 20 ජාත්‍යන්තර තරග ගණන 101ක්.

එක්දින පිටියේ දී ලකුණු 2,706 ක් ද, 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 1,569 ක් ද රැස් කිරීමට ඔහු සමත් වුණා.

කයිරන් පොලාඩ් කොදෙව්වන් වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2007 වසරේ දී යි.

පොලාඩ් 2012 වසරේ දී 20යි 20 ලෝක ශූරතාවය දිනූ කොදෙව් කණ්ඩායමේ ද සාමාජිකයෙකු වුණා.

2021 වසරේ දී ඔහු ඉතිහාසගත වුණේ ජාත්‍යන්තර පිටියේ දී එක් පන්දුවාරයක් තුළ හයේ පහර 6ක් එල්ල කළ ලොව තෙවැනි ක්‍රීඩකයා ලෙසයි.(අකිල ධනංජයට එරෙහිව)

ඔහු ජාත්‍යන්තර තරග 61 දී කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති අතර, එහිදී කොදෙව්වන් ජය ගත් තරග සංඛ්‍යාව 25ක්.

තරග 31ක් ඔහුගේ නායකත්වය යටතේ කොදෙව්වන් පරාජයට පත්ව තිබුණා.(තරග 5ක් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා)

ඔහු මේ දිනවල පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...