දිල්ලි – රාජස්ථාන් තරගයේත් වෙනසක් ; දිල්ලි පිලේ 6 වැනි කොවිඩ් ආසාදිතයා මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ එළඹෙන 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා.

මීට පෙර එම තරගය පූනේ හී දී පැවැත්වීමට නියමිතව තිබුණ ද, දිල්ලි කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයින් 6 දෙනෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇති බැවින් පූර්වාරක්ෂක පියවරක් ලෙස අදාළ තරගය මුම්බායිහී දී ම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

දිල්ලි කණ්ඩායමේ නවසීලන්ත ක්‍රීඩක ටිම් සෙයිෆර්ට් හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අද(20) පෙරවරුවේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් හදුනා ගැනීමත් සමගයි එම කණ්ඩායමට සම්බන්ධ කොවිඩ් 19 ආසාදිතයින්ගේ ගණන 6 දක්වා ඉහළ ගියේ.

අද දිනයේ දී දිල්ලි කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයින් අවස්ථා දෙකකදී කොවිඩ් 19 පරීක්ෂාවන්ට ලක් කර තිබුණා.

දෙවැනි අවස්ථාවේ දී සෙසු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගය නියමිත පරිදි මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

මීට පෙර අද තරගය ද පූනේ හී දී පැවැත්වීමට නියමිතව තිබුණා.

නමුත්, දිල්ලි කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයින් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හදුනා ගැනීමට හැකි වූ බැවින් අදාළ තරගය මුම්බායි හී දී ම පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

දිල්ලි කණ්ඩායම අද තරගය සදහා පූනේ වෙත ප්‍රවාහනය කිරීමේ දී වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවධානම සැලකිල්ලට ගෙන එම තීරණය ගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...