දිල්ලි පිලේ කොරෝනා ආසාදිතයින් ගණන තවදුරටත් ඉහළට ; අද තරගයත් අවධානමේ

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් විදෙස් ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමගයි.

අද(20) පෙරවරුවේ දී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී තිබෙනවා.

මීට පෙර දිල්ලි කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට ද වෛරසය ආසාදනය වී තිබූ අතර, ඔහු රෝහල් ගත කිරීමටයි පියවර ගෙන තිබුණේ.

දිල්ලි කණ්ඩායම අද දිනයේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිතයි.

මීට පෙර එම තරගය පූනේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද, දිල්ලි කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයින් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් දිල්ලි කණ්ඩායම අද තරගය සදහා පූනේ වෙත ප්‍රවාහනය කිරීමේ දී වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවධානම සැලකිල්ලට ගෙන අදාළ තරගය මුම්බායි හී දී ම පැවැත්වීමට තීරණය කෙරුණා.

කෙසේ වෙතත්, තවත් විදෙස් ක්‍රීඩකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට හදුනා ගෙන ඇති බැවින් අද පැවැත්වීමට නියමිත තරගය වෙනත් දිනයකදී පැවැත්වීම සම්බන්ධයෙන් අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින්ගේ අවධානය යොමුව ඇති බව සදහන්.

දිල්ලි කණ්ඩායමේ සියලු සාමාජිකයින් යළි වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති අතර, ඉන් ලැබෙන වෛද්‍ය වාර්තා අනුව අද තරගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...