මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.
ඔවුන් හමුවේ පූනේහි පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.
ගුජරාට් කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළා.
රුටුරාජ් ගයික්වඩ් පන්දු 48කින් ලකුණු 73ක් රැස් කළා. ඒ, හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්. අම්බටි රයිදු ලකුණු 46(31)යි. රවීන්ද්‍ර ජඩේජා පන්දු 12කින් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 34කට කඩුලු 2ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.
ඒ, ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 48 දී ද, පස්වැනි කඩුල්ල ලකුණු 87 දී ද බිද වැටුණු පසුබිමකයි.
රෂීඩ් ඛාන් පන්දු 21කින් ලකුණු 40ක් රැස් කළා. ගුජරාට් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ඩේවිඩ් මිලර් පන්දු 51කින් ලකුණූ 94ක් නොදැවී ලබා ගත්තා. හයේ පහර 6කින් හා හතරේ පහර 8කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
පන්දු යැවීමේ දී ඩ්වේයන් බ්රාවෝ ලකුණු 23කට කඩුලු 3ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 24කට කඩුලු 2ක් බිද හෙලුවා.
— cric fun (@cric12222) April 17, 2022
— cric fun (@cric12222) April 17, 2022
https://twitter.com/JamesTyler_99/status/1515743621269491713?s=19

