රාහුල්ගේ ශතකය හමුවේ මුම්බායි ඉන්දියන්ස් අඛණ්ඩව 6 වැනි තරගයත් පරදියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ 6 වැනි තරගයෙන් ද පරාජයට පත් වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද(16) සිදු වුණා.

ඒ, තරගාවලියේ 26 වැනි තරගයෙන් ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හමුවේ ලකුණු 18කින් පරාජයට පත් වීම හේතුවෙන්.

මුම්බායි හි Brabourne ක්‍රීඩාගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා.

තම සිය වැනි අයි.පී.එල් තරගයට ක්‍රීඩා කළ නායක කේ.එල් රාහුල් සිය තෙවැනි අයි.පී.එල් ශතකය වාර්තා කිරීමට මෙම තරගයේ දී සමත් වීම විශේෂත්වයක්.

පන්දු 60කින් වාර්තා වූ ඔහුගේ නොදැවුණු ලකුණු 103ට හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

මනීෂ් පාන්ඩේ ලකුණු 38ක් හා ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජයිදේව් උනඩ්කට් ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

යළිත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඩිවෝල්ඩ් බ්‍රේවිස් පන්දු 13කින් ලකුණු 31ක් ලබා ගත්තා. සූර්යකුමාර් යාදව් ලකුණු 37(27)යි. තිලක් වර්මා ලකුණු 26කටත්, කයිරන් පොලාඩ් ලකුණු 25කටත් දැවී ගියා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහනය සදහා ලකුණු 26ක් ලබා ගැනීමට මුම්බායි කණ්ඩායමට අවශ්‍ය වූ නමුත්, දුෂ්මන්ත චමීර යොමු කළ එම පන්දුවාරයේ දී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ කඩුලු 3ක් දැවී (දුවද්දී දැවී යාම් දෙකක් ද සමගින්) ලකුණු 7ක් පමණයි.

පන්දු යැවීමේ දී අවේශ් ඛාන් ලකුණු 30කට බිද හෙලූ කඩුලු ගණන 3ක්. දුෂ්මන්ත චමීර සිය පන්දුවාර 4 තුළ ලකුණු 48කට එක් කඩුල්ලක් (පොලාඩ්) දවා ගත්තා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...