Watch : සුපිරි පන්දු රැකීමක් හමුවේ විරාට් කෝලි දුවද්දී දැවී ගිය හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය අද(16) රාත්‍රියේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 92 දී බිද වැටුණු පසුබිමකයි.

අනතුරුව දිනේෂ් කාර්තික් පන්දු 34කින් නොදැවී ලකුණු 66ක් ලබා ගනිමින් බැංගලෝර් කණ්ඩායම ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

බැංගලෝර් ඉනිමේ දී විරාට් කෝලි ලකුණු 12(14)කට දුවද්දී දැවී යාම ද කැපී පෙනුණු සිදුවීමක්. ඒ, ලලිත් යාදව්ගේ සුපිරි පන්දු රැකීමක් හේතුවෙන්.

ඔහු විසින් කඩුල්ලට යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි කෝලිගේ ඉනිම ලකුණු 12කට සීමා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...