Watch : නොදැවුණු කඩුල්ලක් හාස්‍යජනක ලෙස සැමරූ රෝහිට් ෂර්මා

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය අද(16) පස්වරුවේ මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ලක්නව් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා.

ඒ, නායක කේ.එල් රාහුල් තම සිය වැනි අයි.පී.එල් තරගයේ දී වාර්තා කළ ශතකයෙන් ශක්තිමත් වෙමින්.

ලක්නව් ඉනිම අතරතුර දී මුම්බායි නායක රෝහිට් ෂර්මා පන්දු රකිමින් සිටියදී සිදු කළ ක්‍රියාවක් වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මනීෂ් පාන්ඩේ එල්ල කළ පහරකින් පසුව පන්දුව පිටියේ එක් වරක් වැදී කෙළින්ම කවර් ප්‍රදේශයේ පන්දු රකිමින් සිටි රෝහිට් ෂර්මා වෙත ඇදී ආවා.

අනතුරුව පන්දුව රැකගත් ඔහු එය උඩ පන්දුවක් රැක ගත් අයුරින් සැමරීම විශේෂත්වයක්.

තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ද එම අවස්ථාවේ දී කඩුල්ලක් දැවී ගිය අයුරින් ප්‍රීතිඝෝෂා කිරීමට පෙළඹීම කැපී පෙනුණා.

ඊට අදාළ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...