Watch : ඩිවෝල්ඩ් බ්‍රේවිස් චමීරට ගහපු සුපිරි හයේ පහර

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(16) පස්වරුවේ මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ 26 වැනි තරගයේ දී යළිත් වරක් සිය සුපිරි දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීමට බේබි ඒබී නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු යොවුන් පිතිකරු ඩිවෝල්ඩ් බ්‍රේවිස් සමත් වුණා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී පන්දු 13කින් වේගවත් ලකුණු 31ක් වාර්තා කිරීමට බ්‍රේවිස් සමත් වුණා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 6ක් සමගින්.

ඔහු විසින් එල්ල කළ හයේ පහර දුෂ්මන්ත චමීරට එරෙහිවයි එල්ල කළේ. එම පහර බොහෝ දෙනෙකුගේ අවධානයට මේ වන විටත් යොමුව තිබෙනවා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...