ශ්‍රී ලංකාවට නව සහාය පුහුණුකරුවෙක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු මීට පෙර බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, 2020 වසරේ දී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ද ජය ගැනීමට සමත් වුණේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

48 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීමට ද පසුගිය 9 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...