ආසියානු කුසලානය ගැන ශ්‍රී ලංකාව හා ACC සභාපති අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක්

Date:

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නියමිත පරිදි ශ්‍රී ලංකාවේ දී පැවැත්විය හැකි ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබද තක්සේරු කිරීමක් මැයි 29 වනදා, එනම් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන දිනයේ දී සිදු කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා වන ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ශාහ් පවසනවා.

ANI පුවත් සේවය වෙත අදහස් දක්වමිනුයි ඔහු ඒ බව සදහන් කළේ.

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 තරගාවලිය අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා මෙරට දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, එම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇත්තේ මෙරට පවතින ආර්ථික අර්බුදයත් සමග ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණය හේතුවෙන්.

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම එය ක්‍රිකට් ක්‍රීඩාවට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා කියා සිටියේ.

සාර්ථක ආසියානු කුසලානයක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසු වන බව ද හෙතෙම අවධාරණය කළා.

මැයි 29 වනදා පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් ද පැමිණෙන බවත්, එහිදී තමා එම නිළධාරීන් සමග මෙරට පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් තක්සේරු කිරීමක් සිදු කරන බවත් ජේ ශාහ් පවසා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...