මෙන්ඩිස්ගේ ශතකය හේතුවෙන් Mohammedan කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Date:

බංග්ලාදේශයේ පැවැත්වෙන Dhaka Premier Division Cricket League තරගාවලිය යටතේ අද(15) පැවැති තරගයකදී Mohammedan Sporting Club කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

Legends of Rupganj කණ්ඩායමට එරෙහිව ඔහු එම ශතකය වාර්තා කළ අතර, මෙම තරගයෙන් Mohammedan කණ්ඩායම ජය වාර්තා කළේ ලකුණු 80කින්.

තරගයේ පළමුුව පන්දුවට පහරදුන් Mohammedan කණ්ඩායම පන්දුවාර 47.5 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 307ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් පන්දු 91කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 101ක්. හයේ පහර 4කින් හා හතරේ පහර 7කින් මෙන්ඩිස්ගේ ඉනිම වර්ණවත් වුණා.

නායක මහ්මුදුල්ලාහ් ලකුණු 70කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මෙහෙදි හසාන් රානා ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තේ පන්දුවාර 7.5ක් ක්‍රියාත්මක කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Legends of Rupganj කණ්ඩායමට පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ කුසල් මෙන්ඩිස්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...