රාජස්ථාන් පැරදූ ගුජරාට් ටයිටන්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයෙන් ලකුණු 37ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුුණ හිමි කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

ඔවුන් හමුවේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 192ක් රැස් කරමින්.

නායක හර්ඩික් පාන්ඩ්යා පන්දු 52කින් නොදැවී ලකුණු 87ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් සමගින්.

අභිනව් මනෝහාර් ලකුණු 43ක් ද, ඩේවිඩ් මිලර් පන්දු 14කින් නොදැවී වේගවත් ලකුණු 31 ක් ද වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කුල්දීප් සෙන්, යුස්වේන්ද්‍ර චෙහල් හා රියාන් පරාග් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ආරම්භයක් ලබා දීමට ජොස් බට්ලර් සමත් වුණා. ඒ, පන්දු 24කින් වේගවත් ලකුණු 54ක් රැස් කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

කෙසේ වෙතත්, සෙසු පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබු‍ණේ නැහැ. ශිම්රන් හෙට්මයර් ලකුණු 29ක් හා රියාන් පරාග් ලකුණු 18ක් ලබා ගත්තා. ජේම්ස් නීෂම් ලකුණු 17යි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 155ක් පමණයි.

Yash Dayal හා ලොකී ෆර්ගර්සන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

https://twitter.com/JamesTyler_99/status/1514655159787593735?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1514655159787593735%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fsportscafe.in%2Fcricket%2Farticles%2F2022%2Fapr%2F14%2Fipl-2022-gt-vs-rr-twitter-reacts-to-hardik-pandyas-throw-that-breaks-the-stumps

https://twitter.com/JamesTyler_99/status/1514655669252935683?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1514655669252935683%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fsportscafe.in%2Fcricket%2Farticles%2F2022%2Fapr%2F14%2Fipl-2022-gt-vs-rr-twitter-reacts-to-hardik-pandyas-throw-that-breaks-the-stumps

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...