රූට් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

Date:

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් ලැබූ පරාජයත් සමගයි.

ඊට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැති අලුබදුන ටෙස්ට් තරගාවලිය ද එංගලන්ත කණ්ඩායම රූට්ගේ නායකත්වය යටතේ දරුණු පරාජයකට ලක් වුණා.

එංගලන්තය අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 17න් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

ජෝ රූට් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් වුණේ 2017 වසරේ දී යි.

එරට ටෙස්ට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට (64) නායකත්වය ලබා දුන් ක්‍රීඩකයා, වැඩිම ජයග්‍රහණ(27) හා පරාජයන් (26) ලැබූ නායකයා වන්නේ ද ජෝ රූට්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...