වෙනස්කම් රැසක් සමගින් බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මූලික ටෙස්ට් සංචිතයක් නම් කර ඇති බව වාර්තා වනවා.

සංචිතය සදහා ක්‍රීඩකයින් 23 දෙනෙකු නම් කර ඇති අතර, පසුගිය ඉන්දීය ටෙස්ට් සංචාරයට ඇතුළත් වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

ඒ අනුව ලහිරු තිරිමාන්න හා චරිත් අසලංක සංචිතයෙන් ඉවත් කර ඇති බව සදහන්.

රොෂේන් සිල්වා හා ඕෂද ප්‍රනාන්දු සංචිතයට කැදවා ඇතත්, නිමා වූ ජාතික සුපිරි ලීගයේ සිව්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ කමිදු මෙන්ඩිස්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

මැයි මාසයට යෙදී ඇති බංග්ලාදේශ තරග සංචාරයේදී දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා මුලීක සංචිතය –

Dimuth Karunaratne (C), Oshadha Fernando, Pathum Nissanka, Dhanananjaya de Silva, Angelo Mathews, Kamil Mishara, Kusal Mendis, Roshen Silva, Niroshan Dickwella, Dinesh Chandimal, Chamika Karunaratne, Ramesh Mendis, Dilshan Madhusanka, Kasun Rajitha, Vishwa Fernando, Asitha Fernando, Shiran Fernando, Mohamed Shiraz, Praveen Jayawickrama, Lasith Embuldeniya, Jeffrey Vandersay, Lakshitha Munasinghe, Suminda Lakshan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...