Watch : ජොන්ටි රෝඩ්ස් සචින්ට වදිමින් ආචාර කිරීමට උත්සාහ කළ අයුරු

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(13) පැවැති තරගයේ දී වූ සුවිශේෂී සිදු වීමක් වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම තරගයෙන් පංජාබ් කණ්ඩායම ලකුණු 12ක ජයක් වාර්තා කළ අතර, මෙය මුම්බායි පිල මෙවර තරගාවලියේ දී අඛණ්ඩ ලැබූ 5 වැනි පරාජයයි.

තරගයෙන් අනතුරුව සුපුරුදු පරිදි කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් අතට අත දෙමින් එකිනෙකාට ආචාර කිරීම සිදු කළා.

එම අවස්ථාවේ දී පංජාබ් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ජොන්ටි රෝඩ්ස් සිදු කළ ක්‍රියාවක් වෙතයි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ.

ජොන්ටි රෝඩ්ස් විසින් මුම්බායි කණ්ඩායමේ උපදේශක සචින් ටෙන්ඩුල්කාර්ට අතට අත දීමට අමතරව ඔහුගේ පාදය ද ස්පර්ශ කරමින් සචින්ට ආචාර කිරීමට උත්සාහ කරනු ලැබුවා.

කෙසේ වෙතත්, සචින් විසින් ඔහුව එම ක්‍රියාව සිදු කිරීමෙන් වළක්වා ගැනීමට දැඩි උත්සාහයක නිරත වීම බොහෝ දෙනෙකුගේ සිනහවට ද ලක් වූ අවස්ථාවක් බවට පත් වුණා.

එම සිදුවීමට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...