Watch : බට්ලර්ගේ කඩුල්ල ගැල වූ ෆර්ගර්සන්ගේ සුපිරි යෝකර් පන්දුව

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගය අද(14) රාත්‍රියේ දී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 192ක් රැස් කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ආරම්භයක් ලබා දීමට ජොස් බට්ලර් සමත් වුණා.

ඒ, පන්දු 24කින් වේගවත් ලකුණු 54ක් රැස් කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

ලොකී ෆර්ගර්සන් පන්දුවේ වේගය අඩාල කරමින් යොමු කළ විශිෂ්ඨ යෝකර් පන්දුවක් හමුවේ යි බට්ලර් දැවී ගියේ. ඒ, පන්දුව කෙළින්ම කඩුල්ලේ වැඩීමෙන්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...