තීක්ෂණගේ සුපිරි පන්දු යැවීම චෙන්නායි පිලට පළමු ජය ගෙනෙයි

Date:

රොබින් උතාපාගේ හා ශිවම් දූබේගේ සුපිරි පිතිහරඹය මෙන්ම මහීෂ් තීක්ෂණගේ සුවිශේෂි පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායම අද(12) සමත් වුණා.

තරගාවලියේ 22 වැනි තරගයෙන් චෙන්නායි පිල හමුවේ ලකුණු 23කින් පරාජයට පත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමයි.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කළා.

රොබින් උතාපා ලකුණු 88(50)ක් හා ශිවම් දූබේ පන්දු 46කින් නොදැවී ලකුණු 95ක් ලබා ගත්තා. උතාපාගේ ඉනිමට හයේ පහර 9ක් හා හතරේ පහර 4ක් ඇතුළත් වූ අතර, දූබේගේ ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතරේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74කින් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 165ක්.

පන්දු යැවීමේ දී වනිදු හසරංග පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RCB කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 193ක් පමණයි.

ශහ්බාස් අහ්මඩ් ලකුණු 41(27)ක් ද, සුයෂ් පුභුදෙස්සායි ලකුණු 34(18)ක් ද, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 26(11)ක් ද රැස් කළා.

දිනේෂ් කාර්තික් පන්දු 14කින් ලකුණු 34ක් ලබා ගනිමින් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. කාර්තික්ගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් ඇතුළත්. වනිදු හසරංග එක් හයේ පහරක් සමගින් ලකුණු 7(3)ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රබල කඩුලු 4ක් ලකුණු 33කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා. ඔහුගේ පන්දුවක් හමුවේ දිනේෂ් කාර්තික් ලබා දුන් උඩ පන්දුවක් මුකේෂ් චෞද්‍රි අතින් ගිලිහී යාම ද විශේෂත්වයක්. (දර්ශන පහතින්)

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...