Watch : සිය දෙවැනි IPL තරගයේ දී තීක්ෂණ බිද හෙලූ කඩුලු 4 මෙන්න

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(12) සුවිශේෂී පන්දු යැවීමක නිරත වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී චෙන්නායි පිලේ ප්‍රතිවාදීන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමේ ප්‍රබල කඩුලු 4ක් දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 33ක්.

තීක්ෂණගේ පන්දු හමුවේ දැවී ගියේ නායක ෆෆ් ඩු ප්ලෙසිස්, අනුජ් රාවත්, ශහ්බාස් අහ්මඩ් හා සුයෂ් පුභුදෙස්සායි යන පිතිකරුවන්.

මෙය මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කළ දෙවැනි අයි.පී.එල් තරගයයි.

ඔහු දවා ගත් කඩුලු 4 හි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...