සුන්දර්ට IPL තරග දෙකක් අහිමි වෙයි

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර්ට අවම වශයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඉදිරියේ දී සිය කණ්ඩායම ක්‍රීඩා කරන තරග දෙකක් පමණ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ඊයේ(11) රාත්‍රියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී සුන්දර් පන්දුවාර 3ක් පමණක් යොමු කළ අතර, ආබාධය හේතුවෙන් ඔහුට සිය අවසන් පන්දුවාරය යොමු කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු යොමු කළ පන්දුවාර 3 තුළ දී ප්‍රතිවාදීන් ලබා ගත්තේ ලකුණු 14 ක් පමණයි.

ආබාධයක් හේතුවෙන් 2021 වසරේ පැවැති අයි.පී.එල් තරගාවලියේ ද දෙවැනි අදියර (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති) ක්‍රීඩා කිරීමට වොෂින්ටන් සුන්දර්ට නොහැකි වුණා.

එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති 20යි 20 තරගාවලිය ද ඔහුට අහිමි වුණේ පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...