Watch : මෙවර IPL තරගාවලියේ මෙතෙක් දුටු විශිෂ්ඨතම උඩ පන්දු රැක ගැනීම ත්‍රිපාතිගෙන්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(11) රාත්‍රියේ ආරම්භ වූ 21 වැනි තරගයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ රාහුල් ත්‍රිපාති සමත් වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් දවා ගැනීම සදහායි ඔහු මෙම සුවිශේෂී උඩ පන්දුව රැක ගත්තේ.

මෙවර තරගාවලියේ දී මෙතෙක් දුටු විශිෂ්ඨතම උඩ පන්දුව එය ලෙස සදහන් කළ ද එහි වරදක් නැහැ.

මෙම තරගය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, කාසියේ වාසියේ දිනූ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුජරාට් පිලේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් ලකුණු 7කට දැවී ගියේ බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේයි.

කවර් ප්‍රදේශයේ සිට පන්දු රකිමින් සිටි ත්‍රිපාති විසින් එම කඩුල්ල දවා ගැනීමට අදාළ උඩ පන්දුව රැක ගත්තේ එක් අතක් පමණක් උපයෝගී කර ගනිමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...