දෙවැනි ටෙස්ට් තරගයේ දී කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් දෙකක්

Date:

දකුණු අප්‍රිකානු පිතිකරු Sarel Erwee හා තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පෝර්ට් එලිසබෙත් හී දී අද නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ උදෑසන කාලයේ දී යි මේ බව අනාවරණය වුණේ.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට තරගයෙන් ඉවත් වීමට සිදු වූ අතර, මේ වන විට ඔවුන්ව නිරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

එම ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට Khaya Zondo හා Glenton Stuurman දකුණු අප්‍රිකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීමේ ක්‍රමවේදය යටතේ ආදේශ කිරීමට ද පියවර ගැණුනා.

ජාත්‍යන්තර තරගයකදී කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීමේ ක්‍රමවේදය යටතේ ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි.

මෙය දකුණු අප්‍රිකා – බංග්ලාදේශ තරගාවලියට කොවිඩ් 19 වෛරසයෙන් බලපෑම් එල්ල වූ තෙවැනි අවස්ථාව වීම ද විශේෂත්වයක්.

මීට පෙර බංග්ලාදේශ පුහුණුකරු රසල් ඩොමින්ගෝට වෛරසය ආසාදනය වීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයට සම්බන්ධ වීමට ඔහුට හැකි වූයේ නැහැ.

එමෙන්ම දකුණු අප්‍රිකා පන්දු යැවීමේ පුහුණුකරු Charl Langeveldt ට හා ආරක්ෂක නිළධාරී Zunaid Wadee ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවටයි හදුනා ගෙන තිබුණේ.

දකුණු අප්‍රිකා – බංග්ලාදේශ තරගාවලිය සංවිධාන කර තිබුණේ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ නොවන බැවින් මෙය අනපේක්ෂිත සිදුවීමක් ලෙස සැලකෙන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...