බංග්ලාදේශය 80කට දැවී යද්දී තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද(11) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් සත්කාරක කණ්ඩායම ලකුණු 332ක ජයක් ලැබීමත් සමගයි.

පෝර්ට් එලිසබෙත් හි පැවැති තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 413ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 80ක් පමණයි.

ලිටොන් දාස් ලකුණු 27ක්, මෙහිදි හසාන් ලකුණු 20ක්, ටමිම් ඉක්බාල් ලකුණු 13ක් හා නජ්මුල් හොසේන් ලකුණු 7ක් රැස් කළා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාව අභිබවා යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් ලකුණු 40කට කඩුලු 7ක් හා සයිමන් හාර්මර් ලකුණු 34කට කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 453ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 217ක් පමණයි.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස කේෂාව් මහරාජ් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...