Watch : ක්‍රිකට් පිටියේ ඔබ කිසිදා නොදුටු අනතුරකට මෙහිදි හසාන් මුහුණ දුන් හැටි

Date:

දකුණු අප්‍රිකාව හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පෝර්ට් එලිසබෙත් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද(10) දිනයේ දී බංග්ලාදේශ ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් අනතුරකට මුහුණ දුන්නා.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී යි ඔහු මෙම අනතුරට මුහුණ දුන්නේ.

එබඩොට් හොසේන් විසින් එම පන්දුවාරය යොමු කළ අතර, පන්දුවට පහර දුන්නේ Sarel Erwee.

Sarel විසින් පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවට කට් පහරක් එල්ල කළ අතර, අනතුරුව පන්දුව උඩ පන්දුවක් ලෙස බැක්වර්ඩ් පොයිට් කලාපය වෙත ඇදී ගියා.

එහි පන්දු රකිමින් සිටි මෙහිදි හසාන්ට උඩ පන්දුවක් ලෙස පහසුවෙන් රැක ගත හැකි අයුරින් පන්දුව ඇදී ආ නමුත්, අවාසනාවකට ඔහුට එම පන්දුව පැමිණෙන මාර්ගය පිළිබද කිසිදු අවබෝධයක් තිබුණේ නැහැ.

පිතිකරුවා පහර එල්ල කිරීමෙන් පසුව පන්දුවේ ගමන් මාර්ගය සොයා ගැනීමට මෙහිදි හසාන්ට නොහැකි වීම හේතුවෙන් ඔහු කරා ආ පන්දුව කෙළින්ම පපු ප්‍රදේශයේ ගැටුණා.

මෙහිදි හසාන්ට දර්ශනය වූ පසුතලයේ බලපෑම අනුව ඔහුට පන්දුව එන අයුරු දර්ශන නොවන්නට ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

පන්දුව පපු ප්‍රදේශයේ වැදීමෙන් පසුව බිම ඇද වැටුණු මෙහිදිට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ද කටයුතු කෙරුණු අතර, අනතුරුව ඔහුව පිටියෙන් ඉවතට රැගෙන ගියා.

කෙසේ වෙතත්, අනතුරුව මෙහිදි හසාන් යළි පිටියට පැමිණි අතර, ගැටලුවකින් තොරව ඔහු පන්දු යැවීමට ද කටයුතු කළා.

අදාළ අනතුරේ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...