NSL සිව්දින ශූරතාවය මහනුවරට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ජාතික සුපිරි ලීගයට අයත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායම අද (10) සමත්වුණා.

ඒ, යාපනය පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජය වාර්තා කරමින්.

ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයක් ද මහනුවර කණ්ඩායමට හිමි වුණා. අනුශූරතාවය දිනූ යාපනය කණ්ඩායමට හිමි වූ මූල්‍ය ත්‍යාගය රුපියල් ලක්ෂ 25 ක්.

වර්ෂාව හේතුවෙන් තරගයේ අවසන් දිනය වූ අද දිනය සදහා තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 444 ක් රැස් කළා.

පිළිතුරු ලෙස යාපනය කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 227 ක් පමණයි.

තරගයේ තෙවැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබා සිටියා.

ජාතික සුපිරි ලීගය යටතේ පැවැති එක්දින තරගාවලියේද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ මෙම කණ්ඩායම් දෙක වීම විශේෂත්වයක්.

එම තරගාවලියේ ශූරතාව යාපනය කණ්ඩායම විසිනුයි දිනා ගනු ලැබුවේ.

අද නිමා වූ සිව්දින තරගාවලියේ වීරයා ලෙස ඉනිම් 11 කට ක්‍රීඩා කරමින් ලකුණු 886 ක් ලබා ගත් මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා. ඔහු ඉනිමක සාමාන්‍ය 80.54 ක් ලෙස රඳවා ගත් අතර, ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක්ද වාර්තා කළා.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ මහනුවර කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු. ඕෂද ඉනිම් 11 කදී ලකුණු 721 ක් රැස් කළා. ඒ, ඉනිමක සාමාන්‍ය 80.11 ක් වශයෙන් රඳවා ගනිමින්. ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් ඔහු මෙම තරගාවලියේ වාර්තා කළා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් කොළඹ කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනා ගත්තේ තරග 4 කදී කඩුලු 26 ක් දවා ගනිමින්. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.15 ක් වශයෙන් සටහන් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...