හර්ෂාල් පටෙල්ගේ සහෝදරිය මියයයි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල්ගේ සහෝදරිය අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හේතුවෙන් ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ(9) පැවැති තරගයෙන් අනතුරුව අයි.පී.එල් ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් වී නිවස වෙත පිටව ගොස් ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

සිය සහෝදරියගේ අභාවය පිළිබද තොරතුරු ඔහු දැනගෙන ඇත්තේ ද අදාළ තරගය ක්‍රීඩා කරමින් සිටින අතරතුර දී බව ද සදහන්.

සිය පන්දුවාර 4 තුළ දී හර්ෂාල් පටෙල් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගැනීමට මෙම තරගයේ දී සමත් වුණා.

සහෝදරියේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුව හර්ෂාල් පටෙල් යළි බැංගලෝර් කණ්ඩායම සමග එක්වීමට කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත්, එහිදී ඔහුට යළි නිරෝධායනයට ද ලක් වීමට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...