“ඔහු හොදටම බීලා හිටියේ, ඔහු මාව අරගෙන 15 වැනි තට්ටුවේ බැල්කනියේ එල්ලුවා” : චහල්

Date:

යුස්වේන්ද්‍ර චහල් යනු ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පා දග පන්දු යවන්නෙක්.

ඔහු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී නියෝජනය කරන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

පසුගිය තරග වාරවලදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වූ චහල් ඊට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද නියෝජනය කළා.

2013 වසරේ දී මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් තරගාවලියට සම්බන්ධ වී සිටියදී ඔහු මුහුණ දුන් කටුක අත්දැකීමක් පිළිබද තොරතුරු යුස්වේන්ද්‍ර චහල් මේ වන විට අනාවරණය කර තිබෙනවා.

ඒ, රාජස්ථාන් කණ්ඩායම සිය සමාජ මාධ්‍ය පිටු ඔස්සේ නිකුත් කළ වීඩියෝ පටයක් තුළින්.

“ඒ දවස 2013 වසරේ, මම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්ව සිටියදී” යනුවෙන් රවිචන්ද්‍රන් අශ්වින් හා කරුන් නෙයාර් සමග අදාළ වීඩියෝ පටයේ දී සංවාදයක නිරත වෙමින් චහල් සදහන් කළා.

“අපිට තරගයක් තිබුණා බැංගලූරුවල. ඊට පස්සේ සුහද හමුවක් සංවිධාන කරලා තිබුණා. ගොඩක් මත්පැන් පානය කරපු ක්‍රීඩකයෙක් හිටියා, මම එයාගෙ නම කියන්නේ නෑ – එයා ගොඩක් බීලා හිටියේ. එයා මට පැත්තකට කතා කළා, එයා මාව අරගෙන එළියට ගිහිං මාව බැල්කනියේ එල්ලුවා.

“මම එයාගේ බෙල්ල වටේ අත තියාගෙන එයාව අල්ලගෙන හිටියා. මගේ ග්‍රහණය නැති වුණා නම්, අපි හිටියේ 15 වෙනි තට්ටුවේ… එකපාරටම එතන හිටපු ගොඩක් අය ඇවිත් තත්ත්වය පාලනය කර ගත්තා. මට ක්ලාන්ත ගතියක් ආවා, එයාලා මට වතුර දුන්නා. මට තේරුණා අපි යම් තැනකට ගියාම කොච්චර වගකීමෙන් කටයුතු කරන්න ඕනද කියලා. එතන පොඩි වැරැද්දක් වුණා නම් මම වැටෙන්න තිබුණා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...