වසරකට පසු ටමිම් ඉක්බාල් ටෙස්ට් පිටියට

Date:

බංග්ලාදේශ පිතිකරු ටමිම් ඉක්බාල් දකුණු අප්‍රිකාව සමග හෙට(8) ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු යෝග්‍යතාවයක පසුවන බව බංග්ලාදේශ නායක මොමිනුල් හක් පවසනවා.

ටමිම් ඉක්බාල් 2021 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයෙන් පසුව ආබාධ හේතුවෙන් මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නැහැ.

ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණ ද අසනීප තත්ත්වයක් හේතුවෙන් එම තරගය ද ඔහුට අහිමි වුණා.

ටමිම් ඉක්බාල් හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් ආරම්භක පිතිකරු ශඩ්මන් ඉස්ලාම්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.

ඒ අනුව ටමිම් ඉක්බාල් පෝර්ට් එලිසබෙත් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී මහ්මුදුල් හසාන් ජෝයි සමගින් බංග්ලාදේශ ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...