බංග්ලාදේශ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාවෙන් යළි සියරටට

Date:

දකුණු අප්‍රිකා තරග සංචාරය අතරතුර දී ආබාධවලට ලක් වූ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ටස්කින් අහ්මඩ් හා ශොරිෆුල් ඉස්ලාම් හෙට(5) දිනයේ දී යළි බංග්ලාදේශය වෙත පැමිණෙන බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාට ම දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.

කෙසේ වෙතත්, ටස්කින් අහ්මඩ් හා ශොරිෆුල් ඉස්ලාම් වෙනුවට වෙනත් ක්‍රීඩකයින් සංචිතයට ආදේශ නොකරන බවයි එරට තේරීම් කමිටු ප්‍රධානී Minhajul Abedin ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ.

සංචිතය තුළ තවත් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු සිටීම හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා.

අද(4) නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී ටස්කින් අහ්මඩ් දකුණු උරහිසෙහි ආබාධයකට ලක් වූ අතර, ශොරිෆුල් ඉස්ලාම්ගේ පිට කොන්දේ ආබාධයක් ඇති වූයේ පළමු තරගය ආරම්භ වීමටත් පෙරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...