විශිෂ්ඨ ජයක් සමගින් සුපිරි පිතිකරු රෝස් ටේලර් ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(4) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයෙන් නවසීලන්තය ලකුණු 115 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙම තරගය සුපිරි නවසීලන්ත පිකිකරු රෝස් ටේලර් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්.

හැමිල්ටන් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 333ක් රැස් කළා.

මාර්ටින් ගප්ටිල් ලකුණු 106(123) ක් හා විල් යන්ග් ලකුණු 120(112)ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

සිය අවසන් ජාත්‍යන්තර තරගයේ දී රෝස් ටේලර්ට ලබා ගත හැකි වූයේ ලකුණු 14 ක් පමණයි.

පන්දු යැවීමේ දී Fred Klaassen, Logan van Beek, Clayton Floyd, Aryan Dutt කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 42.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 218ක් පමණයි.

Stephan Myburgh ලකුණු 64ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 4ක් දවා ගත් අතර, ඩග් බ්‍රේස්වෙල් කඩුලු 2ක් බිද හෙලුවා.

අද දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් රෝස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 450කට ක්‍රීඩා කළ අතර, එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 18,199ක්. ශතක 40 ක් හා අර්ධ ශතක 93ක් ද ඊට ඇතුළත්.

වසර 16ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී රෝස් ටේලර් රැකගත් උඩ පන්දු සංඛ්‍යාව 351 ක්.

අද තරගයේ අවසන් කඩුල්ල දවා ගැනීම සදහා උඩ පන්දුව රැක ගත්තේ ද රෝස් ටේලර් විසින් වීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...